(කේ. බුද්ධික කුමාරසිරි)
අලුත් පාර මීගොඩ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 5ක් පරීක්ෂා කර එහි රැඳී සිටි තරුණියන් 10 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර මුදාහැරි බව මීගොඩ පොලිසිය පවසයි.
මෙම සම්භාහන ආයතන තුළ සැකකටයුතු මුස්ලිම් ජාතික තරුණියන් සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් එම ආයතන පරීක්ෂා කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් ප‍්‍රශ්න කර ඇඟිලි සටහන් ලබා ගැනීමෙන් අනතුරුව මුදාහැරීමට කටයුතු කළ බවත් ඔවුන් අතර මුස්ලිම් ජාතිකයින් නොසිටි බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණියන් ඇහැළියගොඩ, හඟුරන්කෙත, නාරාහේන්පිට සහ කිරුළපන ආදී ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 ත් 25 ත් අතර තරුණියන් බවද පොලිසිය කියයි.