ලබන අප්‍රේල් මාසයේ පළමු වැනිදා සිට සම්බා සහල් සහ නාඩු සහල් උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් අතර එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව සම්බා සහල් කිලෝව රුපියල් 85කට හා නාඩු සහල් කිලෝව රුපියල් 80 ක උපරිම සිල්ලර මිලකට යටත්වේ .
සහල් මෝල් හිමියන් හා කෘෂිකර්ම ඇමැති පී හැරිසන් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම එකඟතාවට පැමිණ තිබේ.
(36698)