(වයි. ඒ. එස්. වීරවංශ)
සමනල වැව ජලාශයට ඉහළින් ඇති රක්ෂිතයේ සිදුවු ගිනි ගැනීමක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
අධි බලැති විදුලි රැහැන්වල පැටලී ගිනිගෙන රක්ෂිතයට වැටුණු රිලවාගේ පිලිස්සී ගිය සිරුර සමනල වැව ආරක්ෂක නිලධාරීන්ට හමුවී තිබිණි.
මෙම ගිනි ගැනීම දුටු සමනල වැව විදුලි බලාගාරයේ ආරක්ෂක නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වී බළන්ගොඩ නගර සභාවේ හා සබරගමුව විශ්ව විද්‍යාලයේ ගිනි නිවන රථ උපයෝගී කරගෙන වහාම ගින්න නිවා දැමිමට කටයුතු කළේය.
මෙම ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බැවින් කිසිවෙකුටත් ඇතුළු වීමට නොහැකි අතර කිසියම් අයෙකු මෙම රක්ෂිතයට ගිනි තැබුවේ කෙසේ ද යන්න ආරක්ෂක නිලධාරින් දැඩි විමර්ශනයක් සිදු කරමින් පවතී.
පසුව තොරතුරු අනාවරණය වුයේ රිලවෙකු සමනල වැව ජලාශයට ඉහළින් ඇති අධි බලැති විදුලි රැහැන්වල පැටලී රිලවා ගිනි ගෙන බිමට වැටී ඇති බවයි.
ඒ අනුව මේ දිනවල දැඩි නියඟය හේතුවෙන් වේලී ඇති රක්ෂිතය එකවරම ගිනිගෙන ඇති බව හෙළි වී ඇත.