(වයි.ඵ්.ඵස් වීරවංශ)
ශ්‍රී පාද රක්ෂිතයේ වලේබොඩ ඉහළ ප්‍රදේශයට හා හෝර්ටන්තැන්න ප්‍රදේශයට මේ දිනවල ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් සමනල වැව වාන්දැමීමට ආසන්න බව ජලාශය බාර නිලධාරිහු අද (28) පැවසූහ.
සමනල වැව පෝෂණය වන්නේ ශ්‍රී පාද රක්ෂිතයෙන් ආරම්භ වන වළවේ ගඟින් හා හෝර්ටන්තැන්න ප්‍රදේශයෙන් ආරම්භ වන බෙලිහුල්ඔය සහ දෙනගංඔය යන ගංගා වලිනි. එහි වේල්ලේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 462 කි මෙවන විට මීටර් 452 ක් ජලයෙන් පිරී පවති තව ඉතිරිව ඇත්තේ මීටර් 10 කි.
සමනල වැව ජලාශයේ වාන් දොරටු තුනක් ඉදිකර ඇති අතර උපරිම ජල මට්ටමට ළගා වු පසු ඵ් වා ස්වයංක්‍රීය විවෘත වෙයි. සමනල වැව අවසන් වරට වාන් දමා ඇත්තේ 2006 වසරේදීය.
එහි ජලය අඩු වීමත් සමග ඵ් ආසන්නයේ තිබුනු කුඹුරු ඉඩම් ගොවීන් විසින් වගා කලද මේ වන විට ඵ්වා ජලයෙන් යටවෙමින් පවති.