ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
දින නියමයක් නොමැතිව වසා දමා ඇති ගාල්ල උළුවිටිකේ පිහිටි රුහුණ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය නැවත වහාම විවෘත කරන ලෙස සහ තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් පාලකයන්ට බලකර පැවැත්වූ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහිත පා ගමනක් අද (6) පැවැත්විණි.
උළුවිටිකේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය අසලින් ඇරඹී පාගමන ගාල්ල නගරය දක්වා ගමන් ගත් අතර රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය හා මහා ශිෂ්‍ය සංගමය එක්ව මෙම පාගමන සංවිධානය කර තිබිණි.