(අජිත්ලාල් ශාන්තඋදය , වයි.ඒ.එස් වීරසිංහ සහ සම්පත් ප්‍රියනන්දන)
අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටි සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනෙකු එහි රසායනාගාරයේ සිදු වූ පිපිරීමකින් අද (13) තුවාල ලබා බළන්ගොඩ සහ පඹහින්න රෝහල් වලට ඇතුළත් කළ බව සමනලවැව පොලිසිය පවසයි.
සිසුන් හතර දෙනාගෙන් තිදෙනකු පඹහින්න රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් එක් සිසුවෙක් බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.
සිසුන් රසායනාගාරයේ රසායනික පරීක්ෂණයක නිරතව සිටියදී මෙම පිපිරීම සිදුවී ඇති බව පොලිසිය පවසයි.
මෙම පිපිරීම සුළු පිපිරීමක් බවත් එය කඩාකප්පලිකාරී ක්‍රියාවක් නොව රසායනාගාර පිරීක්ෂණයකදී සිදුවූ සිදුවීමක් විය හැකි බවත් සබරගමුව විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.