(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුලාන සමුද්‍රාසන්න පාරේ නිවසකට කඩාවැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එහි තිබූ මුදල් කොල්ලකා තවත් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල කර පලා ගොස් ඇතැයි අඟුලාන පොලිසිය කියයි.
මෙම පිරිස කඩු පොලු අතැතිව මුහුණු ආවරණය කරගෙන නිවසකට ඇතුළු වී එහි සිටි පුද්ගලයකු සතුව තිබූ රුපියල් 17,000ක මුදලක් කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.
ඒ අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයකුට ද ඔවුන් ආයුධවලින් පහර දී ඇත.
එම ස්ථානයේ තිබී පහරදීමට රැගෙන ආ පොල්ලක් ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අඟුලාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සන්නද්ධ කණ්ඩායමක් පහරදී මුදල් කොල්ල කාලා
Recommended Articles