සන්ධානෙන් ගියත් එජාපයට යන්නේ නෑ


විධායක බලතල අහෝසි කිරීම , මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම,ස්වාධින කොමිෂන් සභා බලාත්මක කිරීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් තමා එදා සිටි මතයේම අදද සිටින බවත් එම කාරණා ඉටු නොවුනහොත් එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත් වී ස්වාධීනව සිටිනවා මිස   කිසිම ලෙසකින් එක්සත් ජාතික පක්ෂය හා එක් නොවන බවත් පානදුර නගරාධිපති ගුණතිලක (එ.ජ.නි.ස) මහතා   පැවසීය.

සංවිධායක ධුරයක් ලැබ තමන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය හා සම්න්ධ වන බවට මේ දිනවල පැතිර යන ආරංචි වල  කිසිදු සත්‍යතාවයක් හෝ පදනමක් නැතැයිද  ඒ  මහතා සදහන් කළේය.

පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා ඉදිරි දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වන බවටත් හොරණ සංවිධායක ධූරයට පත් වන බවටත් මේ දින වල පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් කල විමසීමේදී   එසේ පැවසීය.

ගුණතිලක මහතා මෙසේද කීවේය.

විධායක බලතල අහෝසි කිරීම,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම,කොමිෂන් සභා බලාත්මක කිරීම සම්න්ධයෙන් අපි ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.ඒවා කලේ නැත්නම් ආණ්ඩුවෙන් එලියට ඇවිත් ස්වාධීනව කටයුතු කරනවා.එක්සත් ජාතික පක්ෂය සමග එකතු වන්නේ නැහැ.ඊයේ කොළඹ තිබුන සමුලුවටත් අපිට ආරධානා ලැබුණා.ඒත් අපි ඒකට ගොඩ වුණේ නැහැ.

නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරනයටද තරග කල අතර සංචාරක අමාත්‍යධූරය ඇතුළු විවිධ තනතුරු හෙබවූ කළුතර දිශාවේ පරිනත දේශපාලනඥයෙකි.ඒ මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පානදුර නගරාධිපති වු අතර පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයටද තරග කළේය.