සත්ත්ව දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුව කෑම පැයේ උද්ඝෝෂණයක්


එච්.එම්.ධර්මපාල
 
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයිනේ පින්නවල අලි අනාතාගාරය, ගෝනපොල සත්ව ගොවිපල, හම්බන්තොට සෆාරි උද්‍යානය ඇතුළු සියලුම ආයතනවල වෘත්තීය සමිති එකමුතුවක් අද (7) කෑම පැයේ සංකේත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබීය.

දැනට ගෙවන අනතුරු දීමනා රුපියල් 2500/- රුපියල් 7500/- දක්වා වැඩි කරන ලෙසත් දැනට ගෙවන පැමිණීමේ දීමනාව රුපියල් 1000/- රුපියල් 2500/- දක්වා වැඩිකරන ලෙසත්, අභ්‍යන්තර පුරප්පාඩු තනතුරු සඳහා පුහුණු පැරණි සේවකයින් සිටියදී පිටස්තර තනතුරු සහිතව බඳවා ගැනීමටත් විරෝධය පළ කරමින් මොහුවු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

තවද මේ සඳහා අමාත්‍යංශයට දින 7 ක කාලයක් ලබාදෙන ලෙසත්  සාර්ථික පිළිතුරක් ලබානොදුන හොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවත් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාකරන බවත් සමස්ත ලංකා පොදු සේවක සංගමයේ හා සත්වෝද්‍යාන ක්‍රියාකාරී වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්. ප්‍රියන්ත මහතා පැවසීය.