සංචරණ සීමා තිබියදීරත්නපුර නගරයේ වෙළඳසැල් 7කට හොරු පැනලා


(අජිත්ලාල් ශාන්තඋදය)

සංචරණ සීමා හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වසා දමා ඇති රත්නපුර නගරයේ වෙළදසැල් හතක් බිද රන්බඩු ඇතුලූ මුදල් සොරම් කළ විසිහය හැවිරිදි තරුණයෙක් අද(18 ) රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රත්නපුර, කනාදොළ ප‍්‍රදේශයේ පදිංචි මෙම තරුණයා මව්පියන් දෙදෙනාම අහිමව මත්කුඩුවලට ඇබ්බැහිවූවෙක් බව ද පොලීසිය පැවසුවේය.

රත්නපුර නගරයේ ස්වර්ණභාරණ අලූත්වැඩියා කරන වෙළදසැල් තුනක්, රෙදිපිළි වෙළදසැලක තොග ගබඩාවක්, හෝටල් දෙකක්, ඩිජිටල් මුද්‍රණ කඩයක් මේ ආකාරයට කඩා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සෑම කඩයකින්ම මුදල් සහ රන් ආභරණ සොයා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙළදසැල් කිහිපයක තිබූ සීසීටීවී කැමරා වල දර්ශන පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුවය.

සැකකරු විසින් සොරාගන්නා ලද රන් සහ රිදී ආභරණ කිහිපයක් ද පොලිසිය විසින් සොයාගන් ලැබීය. සොරාගන්නා ලද මුදල් වියදම් කර තිබුණි. සැකකරු විසින් වෙළදසැල්වල ඉදිරිපස දොරවල්වල ඉබිඅගුල් කඩා ඇතුල් වී ඇති බව අනාවරණය වූ බව ද පොලීසිය පැවසුවේය.

සංචරණ සීමා නිසා බොහෝ ව්‍යාපාරිකයන් දින ගණනාවකට පසු තම වෙළදසැල් සෝදිසි කිරිමට පැමිණි විට ඒවායේ දොරවල් වල ඉබි අගුලූ කඩා දමා ඇතිබව දැනගෙන තිබේ.

 ඇතැම් වෙළදසැල් වලට මෙහු ඇතුලූවී ඇත්තේ දින දහයකට පමණ කලින් බව සීසීටීවී කැමරා දර්ශනවල දත්ත පෙන්නුම්කරන බව ද පොලීසිය පැවසුවේය.