සංගීත ප්‍රසංගයේදී කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන්ගෙන් 19 ක් රිමාන්ඩ්


( පාලිත ආරියවංශ )
 
බණ්ඩාරවෙල  මහ නගර සභා  ක්‍රීඩාංගණයේදී  සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස්  කළහකාරී ලෙස හැසිරී පෞද්ගලික හා රජයේ දේපොළවලට හානි සිදුකළැයි ‍බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 19 දෙනෙක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි  මහේස්ත්‍රාත්  කිර්ති කුඹුරුසේන මහතාගේ නියෝගය  කළේය.
 
  පසුගිය 23 වැනිදා මෙම සිදුවීම වූ අතර පුද්ගලයනි 22 නකු එහිදී අත්අඩංගුවට ගැණිනි.
 
 ශබ්දවාහිනී බලපත්‍රය ලබාතිබුණේ රාත්‍රී 10-00 පමණක් වන බැවින් පොලිසීය රාත්‍රී දහයට පමණ මෙම සංගීත ප්‍රසංගය නතර කරන ලෙස නියෝග කර තිබේෙ.
 
කෙසේ නමුත්  මුදල් ගෙවා ටිකට්පත් ලබාගෙන සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි රසිකයන් ඊට විරුද්ධවී ඇත.
 
 පොලිසියේ නියෝගය මත  සංගීත ප්‍රසංගය නතර කිරීමත් සමඟ කුපිත වූ රසිකයන් පිරිසක් ගල්මුල්  හා පුටු වලින් වේදිකාවට දෙසට පහරදෙන්නට පටන්ගත් බව පොලිසිය පැවසීය.
 
එය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් සමග ඔවුහු ගැටමුක් ඇති කරගත්හ. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.
 කෙසේ නමුත් පොලිසිය ඔවුන්ට පහරදී ක්‍රීඩාංගණයෙන් ඉවත් කරනු ලැබීය. එහිදී පුද්ගලයන් 22 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.