සංගීත කණ්ඩායමකට පහර දුන් 30 ක් අත්අඩංගුවට


(ප්‍රසන්න පත්මසිරි)
 
බණ්ඩාරවෙළ මහජන ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශයක් අවසානයේ දී සංගීත කණ්ඩායමට ගල්මුල් වලින් පහරදී වේදිකාව කඩා විනාශ කළ බව තරුණයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් සමඟ ගායකයින් ගෙන්වා මහජන ක්‍රීඩාංගණයේ දී මුදලට සංදර්ශනය පවත්වා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 දෙනා බණ්ඩාරවෙළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සංගීත සංදර්ශනය අවසන් කිරිමට යාමේ දී ගී ගයන්නට යැයි කියු ප්‍රේක්ෂකයෝ පිරිසක් එය ප්‍රතික්ෂේප කිරිමත් සමඟ කුපිත වී ඔවුනට ගල්, බෝතල්, පුටු, මුගුරු වලින් ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.