(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරයේ නිදහස් වාට්ටුවේ රඳවා සිටින සැකකරුවකු වූ අමිල නුවන් හෙවත් ‘ආමි අසංක’ යන අය දුරකතනයෙන් අමතා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (24) කරුණු වාර්තා කළේය.
බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන්ටත් තම සැමියාටත් මරණීය තර්ජනය එල්ල කරමින් කප්පම් මුදල් ඉල්ලා සිටින බවට එම විශේෂඥ වෛද්‍යවරිය, විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබූ බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.