චන්ද්‍රසේන ගමගේ
ඇසකට කාචයක් බද්ධ කරන්නට ගිය 91 ක් හැවරදි මවකට හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකු උපකරණයකින් නළලට කිහිප වරක් පහර දීමේ සිද්ධියක් සම්බන්ධව වලස්මුල්ල රෝහල් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.
වෛද්‍යවරයාගේ පහර කෑමට ලක් වූ කාන්තාව වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කොට නේවාසිකව ප්‍රථිකාර ගන්නා බව වලස්මුල්ල රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වෛද්‍ය වරයාගේ පහර කෑමට ලක් වු බව පවසන වලස්මුල්ල දළුවක්ගොඩ පදිංචි කුසුමාවතී කුමාරගේ නම් එම කාන්තාව මෙසේ පැවසුවාය.
‘‘හම්බන්තොට රෝහලේ ඇස් පිළිබද ව ප්‍රථිකාර කරන වෛද්‍යවරයකු හමුවී ඇස් පරීක්ෂා කර ගත්තා. ඇසට කාචයක් බද්ධ කරන්න අවශ්‍ය බව පසුව වෛද්‍යවරයා පැවසුවා. ඒ අනුව මම පසු ගිය 07 වැනි දින හම්බන්තොට රෝහලට ඇතුළත් වුණා. කාචය දමන්න මම පසුගිය 08 වැනිදා දහවල් ශල්‍යාගාරයට ගත්තා. මට හිරි වැටෙන බේතක් විද්දේ නෑ.
පසුව ඇහැට කාචය දමන්න හදන කොට මම දැගළුවා කියල ව්‍යෛවරයා යම්කිසි අඩුවකින් මගේ නළලට කිහිප වරක් තදින් ඇනගෙන ගියා. මම කෑ ගැසුවා. පසුව මට අමාරු වුණා. ඒ සම්බන්ධයෙන් මම රෝහල් අධ්‍යක්ෂ වරයාටත් පැමිණිලි කළා . මට දැන් අමාරයි. ඒ නිසා මම වලස්මුල්ල රෝහලට ඇතුළත් වුණා .‘‘