(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා ඉවත් කරන්නැයි පවසමින් ප්‍රදේශවාසීහු රෝහල ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් අද ( 22) විරෝධතාවයක නිරත වුහ.
රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා රෝගීන්ට දැඩි ලෙස බැන වදින බවත්, රෝගීන් නිසි පරීක්ෂාවකින් තොරව ප්‍රතිකාර කටයුතු සිදු කරන බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ජනතාව විරෝධතා පවත්වමින් නඟන චෝදනා පිළිබඳව සිගිරිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය ප්‍රසන්න බස්නායක මහතාගෙන් විමසීමේදී වෛද්‍යවරයා පැවසුයේ තමන් වසර කිහිපයක සිට මෙම රෝහලේ සේවා කටයුතු සිදුකරන බවත් රෝගීන්ට ඉතාමත් හොඳින් ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත්ය.
එමෙන්ම රෝහලෙන් තමාට ඉවත්වන ලෙස ජනතාව නොව ආයතන ප්‍රධානියෙක් දැනුම් දෙන්නේ නම් ඉවත්ව යන බව ද සඳහන් කළේය. එමෙන්ම තමන්ගෙන් සායනවලදී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනාගේම සෞඛ්‍ය මට්ටම මේ වන විට හොඳ තත්ත්වයකට ගෙනැවිත් තිබෙන බවද සඳහන් කළේය.