වෛද්‍ය වර්ජනයෙන් වතුකරයේ රෝගීන් අමාරුවේ



 
 
රංජිත් රාජපක්ෂ   
                      
 
ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින්  සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (3) උදෑසන 8 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රෝගීන් දැඩි ආසිරුතාවයකට පත්වුහ. 


වතුකරයේ පිහිටි ප්‍රධාන මුලික රෝහල් ඇතුළු ප්‍රාදේශීය රජයේ රෝහල් ගණනාවකටම බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන් විශාල පිරිසක්  පැමිණ සිටි අතර වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරිම නිසා ඔවුන් ආපසු ප්‍රතිකාර නොලබා යන ආකාරයක් දක්නට ලැබිණි.


වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශය,  සායන කටයුතු කිසිවක් සිදු නොකළ අතර, හදිසි අවස්ථා පමණක් ආවරණය කරන බව එම රෝහල්වල වෛද්‍යවරු පවසති.