වේරහැරදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව වේරහැර දකුණ කහටගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයකු සිය මවගේ දෙවැනි කසාදයේ ස්වාමි පුරුෂයාගේ උගුරු දන්ඩට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ  සුසන්ත දයාවංශ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.ඔහු නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ නිවස පිටුපස මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවේ මෙලෙස ඝාතනයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කීය.