රංජන් කස්තුරි
තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ජනතාවට කඩිනමින් හා සාර්ථකව තොරතුරු ලබා දෙන රජයේ අමාත්‍යාංශ අතර ප්‍රථම ස්ථානය අධ්‍යාපන අමාත්‍යාංශයට හිමි වී තිබේ.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් අමාත්‍යාංශ 32ක් පදනම් කර ගනිමින් සිදු කළ සමීක්ෂණයේදී ඒ බව අනාවරණය වී තිබේ.
ජනතාවගේ වැඩිම තොරතුරු ඉල්ලීම් ප්‍රමාණයක් ලද ප්‍රමුඛ අමාත්‍යාංශ අතර පිළිවෙලින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය . අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින අතර ඉන් ජනතාවට තොරතුරු ලබා දීමේ වේගවත් හා ප්‍රතිචාර දක්වන අමාත්‍යාංශ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ ස්ථානයේ පවතින බව එම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.