(ජේ.කේ.එල්.චාමින්ද සහ විජේසිංහ)
පිටිගල පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි වෙළඳසැල් 8 ක් හා ග්‍රාමීය බැංකුවක් කොල්ල කා එහි තිබු මුදල් හා දේපල් සොරකම් කිරීමට සම්බන්ධ සිව් දෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.
වෙළඳසැල් වලින් සොරකම් කරනු ලැබු රුපියල් ලක්ෂ 3 කට ආසන්න මුදල් හා දේපල ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
කොල්ලකරුවන් විසින් ග්‍රාමීය බැංකුව බිඳ තිබුණ ද එහි තිබු මුදල් සොරකම් කරගෙන යාමට කොල්ලකරුවන්ට නොහැකිවි ඇති බව පොලිසිය පවසයි.
අනිකුත් වෙළඳසැල් වලින් කොල්ලකරුවන් විසින් මුදල්, තඹ දගර, වයර්, හොස් පයිප්ප සොරකම් කර ඇත.