(ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් මස 5 වන සදුදා දින ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
ඒ අනුව තෙවන වසරේ සිසුන් ඔක්තෝබර් මස 4 වන ඉරිදා දින පස්වරු 6.00ට පෙර සිය නේවාසිකාගාර වලට වාර්තා කළ යුතු යැයි හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.