(විනීතා එම් ගමගේ)
දිවයින වටා වෙරළ තීරය රැක බලාගැනීම සඳහා සමෘද්ධිලාභීන් පත් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත.
මේ සඳහා වන ගිවිසුමක් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අතර අත්සන් තබා ඇත.
මේ අනුව දිවයින වටා වෙරළ ආශ්‍රීත සියලුම දිස්ත‍්‍රික්කවල සමෘද්ධිලාභින් අතරින් තෝරා ගත් පිරිසක් මේ සඳහා යොදවා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දිවයින වටා වෙරළ තීරය රැක බලා ගැනීමේ හා පිරිසිදුව තබා ගැනීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල දියත් කරන බව ද හෙතෙම කියා සිටියේය.
මේ සඳහා තෝරාගනු ලැබු සමෘද්ධිලාභින්ට මාසික දීමනාවක් ගෙවීමට ද නියමිත බැව් පැවසූ එම නිළධාරියා තම ජීවිකා වෘත්තින්හි නියැලෙන අතරම භාරදී ඇති වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීම ඔවුන්ගේ වගකීම වනු ඇතැයි ද පැවසීය.
මෙසේ වෙරළ තීරය පිරිසිදු කිරීම පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් අධික්ෂණය කරනු ඇතැයි පැවසූ එම නිලධාරියා දීමනා ගෙවීම නිර්දේශ කරනු ලබන්නේ එම අධික්ෂණ කටයුතුවලින් පසුව යැයිද කියා සිටියේය.
නියාමන ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක වන මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොතේතු වන බව හෙතෙම එහි දී වැඩි දුරටත් සඳහන් කළේය.