(ජේ.කේ.එල් චාමින්ද)
බලපත්‍රයක් නොමැතිව වෙනිවැල්ගැට කිලෝග්‍රැම් 16ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු හෝමදොළ ප්‍රදේශයේ දි ඊයේ පස්වරුවේ දි අත්අඩංගුවට ගෙන පසුව පොලීස් ඇපමත මුදාහැර ඇතැයි උඩුගම පොලීසිය පවසයි.
යතුරුපැදියද පොලීස්භාරයට ගෙන ඇත. සැකකරු අක්මිමන වංචාවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
මොහු කාලයක් තිස්සේ මෙකි වෙනිවැල්ගැට ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත. සැකකාර පුද්ගලයා විසින් වෙනිවැල්ගැට උඩුගම ප්‍රදේශයේ රක්ෂිතයකින් කපාගෙන ගොස් ඇතිද යන්න පිළිබද පොලිසිය විමර්ශනයක් ආරම්භකොට ඇත.
සැකකරු බ්‍රහස්පතින්දා දින උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

