(කුෂාන් ජයවර්ධන)
වෙඩි වැදීමකින් පාදයකට බරපතළ තුවාල ලබා සිටින වල්අලියෙකුට අද (01) පලාගල කුරුප්පුවැව ප‍්‍රදේශයේදී ප‍්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
තුවාල ලබා සිටින අලියා වයස අවුරුදු 20ක් පමණ වන එකෙකි. උස අඩි හත හමාරක් පමණ වේ. බදින තුවක්කුවක් පත්තුවීමෙන් අලියා තුවාල ලබා ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.
වයඹ කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප‍්‍රමුඛ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම අලියාට ප‍්‍රතිකාර කිරීම ඇරඹීය. කහල්ල පල්ලේකැලේ අභයභූමියට අයත් පලාගල මීවැව කුරුප්පු වැව ඉස්මත්ත ප‍්‍රදේශයේදී අලියාට ප‍්‍රතිකාර කෙරිණ.
සිදුව ඇති වෙඩි වැදීම් වලින් අලියාගේ පසුපස පාදයකට හා ඉදිරි පාදයකට හානි සිදුව තිබේ. පසු පසු පාදය දැඩි ලෙස ඉදිමී ඇති අතර එහි ඇති තුවාලයේ පණුවන් වැගිරෙමින් සිටී.
ඉදිරි පාදයේ තුවාල පැසවා සැරව ගලමින් තිබේ. ඒ අනුව අලියාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීම සදහා එම අලියා වනය තුළදීම නිර්වින්දනය කිරීමට වනජීවි නිලධාරීන්ට සිදුව තිබිණ. අලියා නිර්වින්දනය කිරීමෙන් පසු අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතු ලබා දීමට වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කටයුතු කරනු ලැබීය.