ජුඩ් සමන්ත
යාපනය හිටපු මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ වර්ෂ පූර්ණ ගුණ සැමරීම ඊයේ (22) පැවැත්විණි.
හලාවත - කුමාරකට්ටුවේ පිහිටි සරත් හේමචන්ද්‍ර මහතාගේ නිවසේ පැවති මෙම අවස්ථාවට ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාද එක්ව සිටියේය.
යාපනය නල්ලූර් ප්‍රදේශයේදී පසුගිය වසරේ ජූලි 22 වැනි දා මෙම ඝාතනය සිදු විය.
එවකට යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි එම්.ඉලන්චේලියන් මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි සරත් හේමචන්ද්‍ර මහතා දෙදරු පියෙකි.
මහාධිකරණ විනිසුරුවරයාට පෙර ගමන් සපයමින් සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් සරත් හේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් විය.
සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සදහා සහභාගී වූ මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා කියා සිටියේ සරත් හේමචන්ද්‍ර මහතා තමාගේ සමීප මිතුරෙකු බවත්,තමන් වෙනුවෙන් දිවි පිදූ ඔහුගේ දරුවන්ගේ අනාගතය තමා බාර ගන්නා බවයි.
ඒ අනුව තාවකාලිකව ඉදිකර තිබූ සරත් හේමචන්ද්‍ර මහතාගේ නිවසේ කටයුතු ද මහාධිකණ විනිසුරුවරයාගේ මැදිහත්වීම මත මේ වන විට අවසන් වී ඇත.
වර්ෂ පූර්ණයට සහභාගී වූ මහාධිකරණ විනිසුරුවරයා සරත් හේමචන්ද්‍ර මහතාගේ පවුලේ අය සමඟ ඔහු භූමදානය කර ඇති සුසාන භූමිය වෙත ගොස් ස්මාරකයට ගෞරව දැක්වීම ද සිදු කෙරිණි.