තුසිත කුමාර ද සිල්වා
මාස 10ක පමණ කාලයක් වීසා නොමැතිව මෙරට විවිධ ප්‍රදේශවල රැඳී සිටි 45 හැවිරිදි සිංහල භාෂාව කතා කළ හැකි විදෙස් ජාතිකයකු අද (13) අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය සඳහන් කරයි.
මෙම විදේශිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඉන්දියාව මාලදිවයින නේපාලය වැනි රටවල බහුලව සැරිසැරූ අයෙකු බව අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.
ස්ථිර ස්ථානයක රැඳී සිටින්නකු නොවන බවත් අලුත්ගම ඩිපෝ හන්දි ආසන්නයේ වෙළඳසැළකට ගොස් එම සේවකයන් සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැකකාර විදේශිකයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර විදේශිකයා මෙරට තැන තැන ඇවිද යාමෙන් සුළු සුළු රැකියාවන් කර දිවි ගෙවන්නකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකාර රුසියානු විදේශිකයා අද(13) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.