(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳීසිටිමින් කුලිවැඩ කරමින් සිටි නයිජිරියානු ජාතිකයකු ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
තිස්දෙහැවිරිදි වියේ පසුවන මෙම විදේශිකයා මාගාල්ල සුධර්මා මාවතේ පිහිටි නිවසක සිටියදි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
මොහු විසා බලපත්‍රයක් නොමැතිව මාස දෙකකට අධික කාලයක් මෙරට රැඳී සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වි ඇත. මොහු සතුව තිබු මුදල් කැසිනෝ ක්‍රීඩාවේ යෙදී පරාජයට පත් වී ඇති අතර ඒ නිසා මොහුට යලි නයිජීරියාවට යාම සඳහා ගුවන් ටිකට්පත සාදාගැනිමට නොහැකි වී ඇති බවද පොලිසිය කියයි. ඉන්පසු මොහු මෙරට කුලි වැඩ කිරිමෙන් දිනකට රුපියල් 1500ක මුදලක් ලබාගෙන ඇති බවද පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
මොහු දක්ෂ පාපන්දු ක්‍රිඩකයකු බව පවසන පොලිසිය ඉදිරි පරික්ෂණ කටයුතු සදහා පොලිසියට බාරදි ඇත.