වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 108ක් අත්අඩංගුවට


(ජයන්ත සමරකෝන්) 

 සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් අලුත්ගම - බෙන්තොට ප්රාදේශයේ ඉදිකිරීමේ වැඩබිමක සේවය කරමින් සිටි ඉන්දීයානු ජාතිකයින් 108 දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කර ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් 42 දෙනෙක් වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටිමින් රැකියාවල නිරත වූ බවට එල්ලවී ඇති චෝදනා මත ඔවුන් මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා ඇතැයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.

මෙම ඉන්දියානුවන් 22 – 35 අතර වියේ පසුවන අතර මීට මාස කිපයකට පමණ පෙර මෙරටට පැමිණ ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.