වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරිනවැයි ගුරුවරියට තර්ජනය කරලා


(අනීෂා මානගේ)
 

විද්‍යාපීඨ ගුරුවරියකගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට තර්ජනය කළ බව කියන ඇයගේ පෙම්වතා අද(18) අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර කොට්ඨාස තොරතුරු තාක්ෂණ ඒකකයේ නිලධාරිහු කියති.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
 
පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණිය, බෙලිඅත්තේ පදිංචි 25 හැවිරිදි තැනැත්තියක වන අතර, වෘත්තියෙන් විද්‍යාපීඨ ගුරුවරියකි.
 
අද(18) දහවල් 12.00 වනවිට තමා සමඟ නොපැමිණයහොත් ඇයගේ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බවට තරුණයා තර්ජනය කළ බවට එම විද්‍යාපිඨ ගුරුවරිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව පැමිණිලි කර තිබිණි.