වී මිල වැඩි කරන ලෙස ඉල්ලා ගොවියෝ විරෝධතාවයක


ජයරත්න වික්‍රමාරච්චි
 
 
වී මිල වැඩිකරන ලෙස ඉල්ලා රජයට බල කෙරෙන ගොවි විරෝධතාවක් අද (6) පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සාලියවැව ඉහළපුයන්කුලම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

නීලබැම්ම ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

ප්‍රමිතියෙන් යුතු වියළි වී සඳහා මේ වනවිට රජයේ සහතික මිල වනුයේ සම්බා වී කිලෝවකට රුපියල් 41ක් සහ නාඩු වී කිලෝවකට රුපියල් 38 ක් වේ.

එසේම අස්වනු නෙළන කාලය වන විට පෞද්ගලික අංශය මගින් තෙත බර සහිත වී කිලෝවක් මිල දී ගනු ලබන්නේ රුපියල් 28 - 30 - 33 ආදී මිල ගණන්වලට බවත් ගොවීහු පැවසූහ.