සංශෝධනය කළ බෞද්ධ විහාරගම් දේවාලගම් පනත මේ වන විට දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ගෙන ඒම සදහා සිංහල, දෙමළ, ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවත් එහි ඉංග්‍රිසි පරිවර්තනය කර අවසන් බවත් අධිකරන හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ මහියංගන රජමහා විහාරස්ථානයේ සිට තායිලන්තයට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේලා එරට ප්‍රදර්ශනය කිරිමෙන් අනතුරුව නැවැත අස්ගිරි මහා විහාරයට වැඩමකරවාගෙන අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේය.

