(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවෙකු මේ මස ( 22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (8) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බලන්ගොඩ රාස්සගල මාර්ගයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකි.
ඉකුත් 23 වැනිදා පෙරවරුවේ එම විශ්‍රාමික විදුහල්පතිවරයා නිවසේ සිටියදී පුද්ගලයකු පැමිණෙන නිවසට ඇතුළු වී ගෙල ප්‍රදේශය කපා බරපතල තුවාල සිදු කර පළා ගොස් තිබිණි.