සංජය මදුශාන්
විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ මුවෙකු මරා ඇසුරුම් කරමින් සිටියදී එක් පුද්ගලයකු සමඟ මුවමස් කිලෝ 24ක් අත්අඩංගුවට ගත් බව විල්පත්තුව වනජිවී නිලධරයෝ පවසති.
සැකකරු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ රියදුරෙකු ලෙස සේවය කරයි.
විල්පත්තුව වනජීවි නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විල්පත්තුවට ආසන්න වලංතැලියාව ප්‍රදේශයේ කැළයක සිටියදී මුවමස් සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.