( නවරත්න සමරතුංග)
විල්පත්තු වන විනාශය වහාම නතර කරන ලෙස රජයට බලකරමින් අද (24) සවස ඔලුවිල් විශ්ව විද්‍යාලයට අනුබද්ධ සමන්තුර වෝහාරික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් අම්පාර නගරයට පැමිණ පෙළපාලි යමින් උද්ඝෝෂණයක නිරතවූහ.
අම්පාර නගරයේ පන්සල මංසන්ධියට එක් රැස්වූ එම සිසූහු ප‍්‍රධාන වීදිය වන ඩි.එස්.සේනානායක වීදිය ඔස්සේ සිය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඔර්ලෝසු කණුව වට රවුමට විත් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
මෙහිදී ප‍්‍රදේශවාසීන් දැනුම්වත් කළ ඔවුන් කියා සිටියේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවන වන විනාශය සිංහල දෙමළ සහ මුස්ලිම් ජනකොටස් වල සෑම කෙනෙකුටම බලපාන බවයි.
විල්පත්තු විනාශය නතර කරන්නැයි ඔලුවිල් සිසුහු රජයට බල කරති
Recommended Articles