විපක්‍ෂනායක කාර්යාලයෙන් නීති උපදේශන සේවාවක් ඇරඹේ


(නාලක සංජීව දහනායක)

වත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් , නීති විරෝධී කටයුතු , වංචා හා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාදීම සඳහා විපක්‍ෂනායක කාර්යාලය විසින් නීති උපදේශන සේවාවක් ආරම්භ කර තිබේ.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව මෙම උපදේශන සේවාව ආරම්භ කර ඇත. ඒ අනුව ලබන බදාදා  සිට සෑම බදාදා දිනකදීම පස්වරු 1.00 සිට පස්වරු 5.00 දක්වා අංක 30, ශ්‍රීමත් මාර්කස් ප‍්‍රනාන්දු මාවත, කොළඹ 07 දරණ ස්ථානයේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී මෙම උපදේශන සේවාව පැවැත්වේ.

2015 වසරෙන් පසුව රාජ්‍ය ආයතන , දෙපාර්තමේන්තු හා සංස්ථාපිත මණ්ඩලවල සිදුව ඇති වංචා , දූෂණ හා අක‍්‍රමිකතාවලට ලක්වූ සියලුම දෙනාට ගතහැකි නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදෙන බව විපක්‍ෂනායක කාර්යාලය සඳහන් කරයි.