විදේශීය කතකට අතවර කළ සැකකරු සොයා පරීක්ෂණ


(ජේ. කේ. එල්. චාමින්ද සහ ඩී. ජී. සුගතපාල)
 
දොඩන්දුව පාලම අසළදී  වෑන් රථ රියැදුරකු විසින් හන්ගෙරියානු ජාතික  තරුණියක්    වෑන් රිය තුළ තබා අද (19) අපයෝජනයට ලක් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
 
මෙම තරුණිය 31 හැවිරිදි යුවතියකි.
 
තරුණියගේ පෙම්වතා අද (19) දින මෙරටට පැමිණීමට නියමිතව සිට ඇති අතර  ඒ සඳහා ඇය කුලී වෑන් රථයක් වෙන්කරවාගෙන ඇත. හික්කඩුව  නගරයේ බැංකුවක් අසළට වෑන් රිය පැමිණෙන තෙක් ඇය සිටි බවද වෙනත් වෑන් රථයක් පැමිණ එහි නතරකර ඒ ඇය ගෙන්වූ වෑන් රිය බව පවසා රවටා ඇයව එහි නංවාගෙන ඇති බව තරුණිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය. 
 
පසුව රියැදුරු දොඩන්දුව පාළම මතදී ඇයව අපයෝජනයට ලක්කර පසුව තරුණියව වෑන් රථයෙන් බස්සවා පලාගොස් ඇති බව පොලිසිය පවසයි. 
 
තරුණිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකර ඇත. 
 
සැකකාර වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.