ඩී.ජී.සුගතපාල
තම පෙම්වතා ගැනිමට කටුනායක ගුවන් තොටුපලට යාමට සිටි විදේශිය කාන්තාවක් රවටා රැගෙන ගොස් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෑන් රථ රියදුරා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පයාගල පදිංචි 28 හැවිරිදි අයෙකි.
ඇය වෑන් රථයට ගොඩවු අවස්ථාවේ සැකකරු ඇය රැගෙන දොඩන්දුව ප්‍රදේශයට ගෙනැවිත් දූෂණය කර වෑන් රථයෙන් බිමට දමා ගොස් ඇත.
ඇය විසින් සිද්ධිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු අවට ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර සැකකරු සමඟ වෑන් රථය අත් අඩංගුවට ගෙන ඇත.