සුමතිපාල දීයගහගේ
ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය සැමරීම සඳහා විදේශිකයින් සහභාගී වූ උත්සවයක් අද (4) කොග්ගල ලෝන් බීච් හෝටල් භූමියේ දී පැවැත්විණි.
කොග්ගල ලෝන් බීච් හෝටලය වාර්ෂිකව පවත්වන මෙම උත්සවයට මෙවරත් විදේශීය රටවල් රැසකින් පැමිණි විශාල පිරිසක් සහභාගී වුහ.
මෙම විදේශීකයෝ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය අතැතිව උත්සවයට සහභාගී වී සිටියහ.
දේශීය සහ විදේශීකයින් චාරිතානූකූල පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කරනු ලැබීය.
මෙහිදී ජර්මනිය වෙනුවෙන් හාර්මුට් බලක්, රුසියාව වෙනුවෙන් තුරුකානෝ ඉලී, ඉන්දියාව වෙනුවෙන් ගුලැප් ශ්‍යාමා, එංගලන්තය වෙනුවෙන් ස්ටුකා බානෙල් යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් විදේශීය රටවල් කීපයකම නියෝජිතයෝ සුබපැතුම් ඉදිරිපත් කළහ.
කොග්ගල ලොන් බීච් හෝටලය 8 වැනි වරට විදේශිකයින් වෙනුවෙන් මෙවර නිදහස් උත්සවය සංවිධානය කර තිබිණි.