විදෙස් රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ජපානයේ රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන් රැසකගෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වංචා කර සැඟවී සිටි පුදගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
 
සැකකරු බණ්ඩාරගම වැල්මිල්ල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
 
 ජපන් භාෂාව උගන්වන පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ද වන ඔහු එම ආයතනයේ හිමිකාරිය වන ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පරිඝනක නිලධාරිනිය හා එක්ව මෙම වංචාව සිදු කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.