විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
විදෙස් අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟවී සිටි පුද්ගලයකු අද(01) කඩුවෙලදී අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසියි කියයි.
 
සැකකාර පුද්ගලයා ජපානයේ හා සිංගප්පූරුවේ රැකියා දෙන බව පවසා පුද්ගලයන්ගෙන් ලබාගත් මුදල් මියගිය පුද්ගලයකුගේ ගිණුමකට බැර කර තිබේ.
 
පුද්ගල ගුවන් ගමන් බලපත්‍ර 14ක්, වංචා කළ මුදලින් මිලදී ගත් යතුරු පැදියක්, ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇත.