(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විදෙස් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් මාරවිල තල්විල කලපු තීරයේදී පැවැත්විණි. මාරවිල- තල්විල ක්ලබ් පාම් බේ හෝටලය විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි.
විදේශිකයින් පරිසරයට දැඩි රුචිකත්වයක් දැක්වීම හේතුවෙන් විදේශිකයින්ගේ ආකර්ෂණය ඇති කරලීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කළ බව ක්ලබ් පාම් බේ හෝටලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී කීර්තිසිංහ මහතා කියා සිටියේය.
ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් රැසක විදේශිකයන් මෙම අවස්ථාවට දැඩි උනන්දුවකින් සහභාගීව වූ අතර හෝටලයේ සේවක සේවිකාවන් විසින් පිරිසක් ද මෙහිදී පැළ රෝපණයට සම්බන්ධ වූහ.