(කේ බුද්ධික කුමාරසිරි)
දොම්පේ ගිරිදර ශී‍්‍ර බෝධි කණිෂ්ඨ විද්‍යාලයට මාස හයක කාළයක සිට ස්ථීර විදුහල්පතිවරයෙකු නොමැතිකමෙන් තම දරුවන්ගේ අධ්‍යාපණ කටයුතු අඩපණ වී ඇතැයි පවසමින් විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන් හංවැල්ල - කිරිඳිවැල මාර්ගය ගිරිදර මංසන්ධියෙන් අවහිර කරමින් අද(20) දින උදෑසන විරෝධතාවය නියැලිණි.
මෙම විද්‍යාලයට පත්වීම් ලැබ සිටි රසික සම්පත් ආරියරත්න විදුහල්පතිවරාගේ පත්වීම බලාත්මක කිරීමට ප‍්‍රදේශයේ දේශපාලනඥයෙකු කටයුතු කරන බවත් මේ හේතුවෙන් තම දරුවන්ගේ පාසල අරාජික තත්වයට පත් වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වී ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
හංවැල්ල - කිරිඳිවැල මාර්ගය එදින උදෑසන 6 සට අවහිර කිරීම නිසාවෙන් එදෙසට ගමන් කිරීමට පැමිණි බොහෝ දෙනෙකුට වෙනත් විකල්ප මාර්ග ඔස්සේ තම ගමනාන්තයට ලගාවීමට සිදු වීම නිසාවෙන් විරෝධතාකරුවන් මහජන පීඩාවක් සිදු කරන බව පවසමින් දොම්පේ පොලිසිය පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් අධිකරණ නියෝගයක් විරෝධතාකරුවන්ට කියවීමෙන් පසු පැය 3 කට ආසන්න කාළයක් වසා තිබූ මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලදී.