විදුලිසැර වැදීමෙන් අයෙක් මරුට


(නිශාන්ත කුමාර සහ කේ ඩී රත්න) 


ප්‍රධාන විදුලි සැපයුම් කම්බිවලට කොකු ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට තැත්කළ ඇටම්පිටිය මාලිගාතැන්න ගම්මානයේ පුද්ගලයෙකු අද (24) උදෑසන විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි ඌව පරණගම පොලීසිය පවසයි.


සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇටම්පිටිය මාලිගාතැන්න ඌව  හයිලන්ඩ් පදිංචි එස් රාජා නැමැති වයස අවුරුදු 30-35 අතර පසුවන විවාහක පුද්ගලයෙකි.


මිය ගිය පුද්ගලයා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ අධීකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතයග
ඌව පරණගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.