(ඩි. ජී. සුගතපාල)
විදුලිසැර වැදීමෙන් මියගිය බවට සැකකරන පුද්ගලයකුගේ මළ සිරුරක් කරන්දෙණිය තල්ගහවත්ත ප්‍රදේශයේ වෙල් යායක ඇළක් අසළ තිබියදී අද (25) සොයා ගත් බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචි 55 හැවිරිදි කුරුඳු ව්‍යාපාරිකයෙකි.
මියගිය පුද්ගලයාගේ කකුලේ විදුලි සැර වැදීමෙන් සිදුවූ බවට සැකකරන පිළිස්සුම් තුවාලයක් තිබූ බවත් වෙනත් ස්ථානයක දී විදුලිසැර වැදීමෙන් පසුව මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇතැයි සැක පළ කරන බවත් පොලිසිය පවසයි.