(සමන් පාලිත නානායක්කාර)
විදුලිසැර වැදී අසාධ්‍යව රෝහල් ගතව සිටි දියතලාව අලුත්වෙල 15 හැවිරිදි පාසල් සිසුවකු අද (15) මියගිය බව දියතලාව පොලීසිය කියයි.
දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ දියතලාව අලුත්වෙල දකුණ විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකි.
නිවසේ නාන කාමරයේ අනාරක්ෂිතව ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී සිසුවා මියගිය බව පොලීසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි .