(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකුට විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී ඊයේ (29) සවස හමු වූ බවට මන්නාරම් පොලිසිය පවසයි.
තිරුකේදීස්වරන් ග්‍රාමනිලධාරී කොට්ඨාශයේ ප්‍රධාන මාර්ගයේ තිබූ විදුලි කණුවකින් කම්බි ඇණ ගසා නීතිවිරෝධීව විදුලිය ලබාගෙන අසල පිහිටි කලපු ප්‍රදේශයට විදුලි රැහැන් අදිමින් සිටියදී විදුලිය කාන්දු වී දෙදෙනාටම විදුලිසැර වැදීමෙන් එම ස්ථානයේම මිය ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී ඇත.
අදාල කලපු ප්‍රදේශයේ වනසතුන් ගැවසෙන බැවින් වනසතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස විදුලි රැහැන් ඇදීමට ගත් උත්සාහයකදී විදුලිසැර වැදීමෙන් මෙම පුද්ගලයින් දෙදෙනා මිය ගොස් ඇති බවට පොලිසිය සැක පල කර සිටියි.
ප්‍රදේශවාසින් විසින් දැනුම් දීමෙන් අනතුරුව මන්නාරම විදුලිබල මණ්ඩලයේද සහාය ඇතිව අදාල මෙම මෘත ශරීර මන්නාරම රෝහලට රැගෙන යාමට කටයුතු කරන ලදී.
මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 45 හැවිරිදි එම්. මහේන්ද්‍රන් සහ වෙට්ටයාර් මුරිප්පු ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 37 හැවිරිදි අන්තෝනිපිල්ලෙ දේවසංකර් නැමති අය බවට හඳුනාගෙන ඇති අතර මන්නාරම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.