(කාංචන කුමාර ආරියදාස)
විදුලිය ඇන හිටීම නිසා සහ විදුලි උත්පාදක යන්ත්‍ර අක්‍රීය වීමෙන් අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික සේවා කටයුතු දැඩි අර්බුදයකට පත්ව තිබේ.
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (24) දවස පුරා විදුලිය විසන්ධි කර ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෑම වෙළඳසැලකම ගනුදෙනු සිදු කරනු ලබන්නේ නව තාක්ෂණය හරහාය.
විදුලි උත්පාදන යන්ත්‍රයද සති කිහිපයක සිටම අක්‍රීය වී තිබීම නිසා මෙදින ව්‍යාපාරිකයන් ගොවීන් මෙන්ම වෙළෙන්දන්ද දැඩි අපහසුතාවයට පත්ව එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව ඇති බව ඔවුහු පවසති.
එළවළු රැගෙන ආ ව්‍යාපාරිකයින් ගොවීන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත් වෙද්දී එළවළු මිලදී ගැනීමට නොහැකිව ව්‍යාපාරිකයෝ අපහසුතාවයට පත්ව සිටිති .
විදුලිබල මණ්ඩලය මගින් කලින් මේ බව දැනුම් දී තිබියදීත් ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකරන භාරය මගින් විදුලි උත්පාදන යන්ත්‍රය කඩිනමින් යාවත්කාලීන නොකිරීම සහ ඒ සඳහා විකල්ප ක්‍රම වේදයක් නොගැනීම නිසා මෙදින සිදුව ඇති පාඩුව ගණනය කිරීමටත් නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටියේ තමන්ගේ එළවළු අලෙවි කොට අවසානයේ බිල් බේරා ගැනීමට නොහැකිව ලතවන බව ය.