විදුලි සැර වැදී පුද්ගලයෙක් රෝහලේ - ගෝනෙක් මරුට



(ජේ. කේ. එල්. චාමින්ද)
 
සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන්  කුරුදුගහ දෙමටගහකන්ද ප්‍රදේශයේ  කුඹුරක ගොයම් කැපීමට ගිය කාන්තාවකට හා පුරුෂයකුට  අද (05) විදුලිසැර වැදී ඇති බවත් එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත් ඇල්පිටිය පොලිසිය පවසයි.
 
දෙමටගහකන්ද ප්‍රදේශයේ කුඹුරක ගොයම් කැපීමට ගිය කාන්තාවකට  විදුලිසැර වැදී ඇති අතර කාන්තාව බේරාගැනීමට උත්සාහ කළ එම පුද්ගලයාටද විදුලිසැර වැදී ඇති බව පොලිසිය පවසයි. 
 
විදුලිසැර වැදීමෙන්  ගොනෙකුද මියගොස් සිටි  බව පොලිසිය පවසයි.
 
වල් ඌරන් දඩයම් කිරීම සදහා කුඹුරේ විදුලි රැහැන් ඇද ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වි ඇත. 
 
විදුලි රැහැන් ඇටවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.