විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට


(ඩි.කේ.රත්න )


ඌව පරණගම මොරගොල්ල ගල්ගේවත්ත ප‍්‍රදේශයේ නිවසකදී අද (5)  විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතයි ඌව පරණගම පොලීසිය පවසයි.
ගල්ගේවත්ත , වැලිමඩ , ලිපිනයේ පදිංචි බන්දුල මාතර බඩල්ලගේ නැමති 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ විදුලිසැර වැදීමෙන්  මිය ගොස් තිබේ.


නිවසේ අලූත්වැඩියා කටයුත්තක් සිදු කරමින් පවතින අතරතුර මෙම පුද්ගලයා  එම නිවසේ විදුලි බල්බයක් සවි කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී ඇතැයි පොලීසිය පවසයි.


මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැලිමඩ මූලික රෝහලේ තැන්පත් කර ඇත.