විදුලි සැර වැදී කෙණරක් මරුට



 
(නවරත්න සමරතුංග)
 

දමන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තොට්ටම ග‍්‍රාම නිලධාරී වසමේ සමුපකාරය අසලට ගෙවත්තකට පැමිණි අලි රංචුවක සිටි කෙණෙරක්  විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බව අම්පාර වනජීවී කාර්යාලය පවසයි. 

වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නවයේ කණුව අලි පාලන ඒකකයේ අඩවි සහාකරවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්  එහි ගොස් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. 

මෙම ඇතින්න ගැබ්ගෙන සිටියේ දැයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව නිශ්චිතව නිගමනය කළ හැකි බව වනජීවී නිලධාරීහූ කියති. 

සිද්ධිය සම්බන්ධව එක් සැකකරවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (01) අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.