විදුලි බල මණ්ඩල සේවකයාට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට


( ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව කොට්ටගේ ප‍්‍රදේශයේ ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී අත්‍යාවශ්‍ය සේවාවන් වල යෙදී සිටි විදුලිබල මණ්ඩලයේ කීරියන්කල්ලිය ශාඛාවේ සේවකයෙකුට පහරදුන් පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගවට ගෙන ඇත.
 
පහරකෑ විදුලිබල මණ්ඩල සේවකයා එම ප‍්‍රදේශයේ විදුලිබිඳ වැටීමක් සම්බන්ධයෙන් පරික්ෂාකරමින් සිටියදී ඇතිවු බහින්බස් වීමකින් අනතුරුව මෙමපහරදීම සිදුකර ඇත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ආරචචිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධහේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක්  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.